දෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි‍)dhenuwan (dhahasin saedhi pem sithuwili)

Denuwan (Dahasin Sadi Pem Sithiwili)

සංගීතය:
ඉරාජ්iraaj
පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

රහසින් සැදි පෙම් සිතුවිලි‍
ළමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී රැඳි සුළඟක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නෙමි......

දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ළබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වතී....

(දහසින් සැදි පෙම් සිතුවිලි‍
ළමැදේ ඔබේ අතුරන්නෙමි.....//)

දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි
පෙම් තෙපුල් පුදා තෙරපන විටදී
රහසින් පවා ඔබ අමතන්නෙමි
ආදරයේදී මා ඔබ හට පරදිමි
ජීවිතේ ‍සුවඳැති ආදරේ උල්පතී
වරලේ සුවඳ ගෑවී ඔබේ
තුරුලේ පහස දැඩිවෙයි මගේ.....

දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ළබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වතා....