ගී පද
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ
සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා
දෙනෝ දාහක් නුවන් අතරේ...