දෙන්නම් හාදුවක්dhennam haadhuwak

Dennam Haduwak

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

ගී පද

උන්මාද නෙතු සඟල නටනා රඟේ
ඇහිපිල්ලමක් ගානේ හොයනා රසේ
රණ තිසර ළය මඬල ඉගිලෙයි විසේ
ගිනියම් වෙලා සිහින සොඳුරුයි ලඳේ

ඔය උණුහුමට වහ වැටිලා වාගේ
මම තුරුලේ ඉඳන් හොයමි ආලේ
මගෙ සියොළඟම හිරි වැටිලා වාගේ
රතු දෙතොලේ ඇලී කියමි ආදරෙයි කෙල්ලේ

(දෙන්නම් හාදුවක් කෙල්ලේ 
යන්තම් ගෑවිලා දල්ලේ 
උණුහුම මේතරම් වින්දේ     
ශ්රුන්ගාර දේහියේ...//) 

පුළුලුකුල රිය සකකි නැලවෙයි ඔබේ 
දෑතම යවා තුරුලෙ සැනසෙමි හොඳේ 
කන්පෙති විකා උනන නොයිඳුල් රසේ 
පහසේ සුසුම් හෙලමි මිහිරියි ලඳේ 

ඔය උණුහුමට වහ වැටිලා......
දෙන්නම් හාදුවක් කෙල්ලේ......//

Sinhala Rap 

ඔය උණුහුමට වහ වැටිලා......
දෙන්නම් හාදුවක් කෙල්ලේ......//