ගී පද
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත//
අන්න සඳක් නැගී නැගී පායා
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත//
සුනිල් විලේ දිලේ දිලේ චායා
ඔරුවේ නැගී පැදලා පාවෙමු නැලවීලා//
සුමුදු කුසුම් නෙලලා දෙන්නෙමි සුපෙම් පාලා
ආදරයේ සිහින සැබෑ වීලා//
මගේ හිතේ මලක් පිපී ආවා
දෙන්න ප්‍රියේ...
ජීවිතයේ ආලෝකේ ඔබයි සදා කාලේ//
ආයේ වෙනස් වෙන්නේ නෑ උදාර පරම ආලේ
රත්තරනේ දනිමි මමත් ඒක//
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා
දෙන්න ප්‍රියේ...
ගැන්නත් තරු අඹරේ බැහැ මනින්න මගේ ප්‍රේමේ//
රංජනියේ ඔබ වේ දෙවි දුවණි සැනසීමේ
ඇත්තට ඔය සත්තකමද ඒක
දෙන්න සුදෝ ගන්නකො මගේ දෑත
සුනිල් විලේ දිලේ දිලේ චායා
දෙන්න ප්‍රියේ...