දෙන්න මට සමා නැතdhenna mata samaa naetha

Denna Mata Sama Natha

සංගීතය:
චානක රත්නායකchaanaka rathnaayaka
පද රචනය:
අජිත් කුමරතන්ත්‍රීajith kumarathanthrii

ගී පද

දෙන්න මට සමා නැත ඔබ කළ පෙම් වරදට
හදින් නොවෙයි ඔබ කෙරුවේ සත්තයි කියූ ආදරය
කරන්නටත් බැරි වූවත් අමතක ඔබේ මතකය
එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට...

සිහින ගොඩක් අරන් ඇවිත් ඔබ මගේ ළඟ තියා
පෙන්නූ බොරුව සිතුවා මම ඇත්තමයි කියා
ඉල්ලුව ඔබේ ආදරයත් ඔබටම පුදලා
වෙනස් වුණා එදා ඉඳන් මා අමතක කරලා...

එක් වන්නට සිටියා ඔබ එනතුරු මා මග බලලා
ගෙවුණු කාලයත් මා පසුකර යන බව දැනුණා
ආදරයෙන් බැලූ නෙතක් ළඟ මා නැවතිලා
හිමි නැති සෙනෙහස් ගඟුලෙහි දිය සොයන්නට එපා...

දෙන්න මට සමා නැත...
එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට...