දෙනෙතින් ගලනාdhenethin galanaa

Denethin Galana

සංගීතය:
අකි විශ් හේගොඩaki wish heegoda
පද රචනය:
ගවේෂ් කාංචනgaweesh kaanchana

ගී පද

(ඔබෙ සේයාවන් මහදේ කඳුළින් බොඳ වී රහසේ
සුසුමකි මට ඔබ පෙරදා ඇයි යන්නේ මා හඬවා...//)

දෙනෙතින් ගලනා ගලනා කඳුළක් වේවා 
දුකමයි රැඳුනේ ඔබටම පෙම් කළ හින්දා 
ඒ බව සැමදා දැන දැන මා පෙම් කෙරුවා
ඔබමයි අඳුරේ රැවටුවේ මා හද රිදවා

මා හැරදා දුර ඇදුණත් හොර රහසේ
කඳුළක් වී තවමත් මා රිදවන්නේ
වස්සානේ ඔබ විතරක් හිනැහෙන්නේ
ඔහු තුරුලේ ඉන්නා මගේ පෙම්වතියේ
පෙම් කළා ළං වෙලා හැර දමා 
බොරු කී පෑව ආදරයේ...	

දෙනෙතින් ගලනා....
	
හද අරණේ පාවෙන දේදුන්නක් සේ
ඔබ මාගේ මිතුරිය වී ජීවිතයේ
ළං වීලා ආදරයේ දෙව් දුව මාගේ
ඉන්නා මේ ආදරයයි සංසාරේ
මා සදා ඔබ මගේ සඳ වෙලා
දුක නෑ මගේ ආදරයේ...

ඇසිපිය හෙලනා හෙලනා දෑසක් වේවා
සිනහව ඔබමයි ජීවිතයේ මට සැමදා
මතකය පෙරදා ගෙන ආ සිහිනය පෙනුණා
හදවත රහසේ ඔබටම තව ළං වෙනවා...