ගී පද
දෙනෙත තෙමා මුතු කඳුළු සලා
ඉකිබිඳ ආයෙත් හඬනු එපා //
ඔබ සිත රිදවා යළි
මගේ ද සිත රිදුණා
අසුරු සැනෙකිනි තරහා ගියේ
සැකය වාවනු බැරිව මගේ //
වරද ඔබගෙද වරද කාගෙද
නොහැගෙනා විටදී
දෙනෙත තෙමා ...
සමා කෙරුවත් සිතට මදී
තවත් ඒ ලෙස නොවනු ඇති //
සිරස පිරිමැද නළල සිපගමි
ඔබට සහතික වී
දෙනෙත තෙමා ...