දෙනෙත් වලින්dheneth walin

Deneth Walin

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
සමන් එදිරිමුණිsaman edhirimuni

ගී පද

දෙනෙත් වලින් කතා කරන පුංචි කෙල්ල මේ අහන්න 
කී දවසක් මේ කතාව නොකියා ඉන්නවාද කියන්න
මගේ වටේට කැරකී කැරකී මා දෙස හොරැහින් බලන්න
කව්දැයි ඉතින් ඔය මැඩම්ට අවසර දුන්නේ මට කියන්න......

වදන් වලින් පැවසිය නොහැකි දෑ හංග ගන්න 
මගේ නම් වරදක් නෑ දවසක විඳවන්ට වුනොත් ඔන්න
වචන වලින් ඕනත් නෑ කතාව මට පවසන්න 
වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එක පාරක් තුරුළු වෙන්න......

ළමාතැනී හැඟුම් පිරී ඔය මුව සඳවත කිපෙන්න
දිගැස් වලින් මදෙස බලා හිනාවෙන්න
කවදා කිසිදා නොපැතුව මල් සුවඳක් හිත පිරෙන්න
හැරදා පරදා තනිකම දෙන්නම් හදේ රැඳෙන්න......

දෙනෙත් වලින්.......
වදන් වලින්.......
වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එක පාරක් තුරුළු වෙන්න......