ගී පද
දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ
මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස
පායන්නේ හදවතේ
සදසේ කිසිදා බිදිලා නොයනා
ලෙස මා බැදුනා
ඔබ හා හැමදාකම //
මේ දිවි ගමනේ ආත්මයෙන්
බැදිලා ජීවිතේ පුරා
මග දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ
මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස
පායන්නේ හදවතේ
සද සේ
සෙනෙහේ මා හද තුල රන්දා
අත බන්දා මා කුලගෙට කැන්දා
මා ආ මාවත අදුර නිවා
සද සේ ආලෝකය ගෙන එනවා
ආවා ජීවිතෙන් බිදිලා
නැවතීලා මා ලග මා සනසා
දෑසේ කදුලැලි පිසදමලා
ඔබගේ ලෙන්ගතුකම දෙනවා
දෙනයන හමුවේ ....//
මේ දිවි ගමනේ