දීපශිකා දැල්වේ ජීවිත මේලාවේdhiipashikaa dhaelwee jiiwitha meelaawee

Deepashika Dalwe

ගී පද

දීපශිකා දැල්වේ ජීවිත මේලාවේ
ආසිරි මල් වැසි වසීවි විසදී දයිවේ
පාලූ ගමේ පාලු ගෙදර පාලු මකන්න
ආසයි මට ලගදිම ඔබ කැන්දන් එන්න..//

අතමිට සරු නැහැ සොදුරියෙ
සිරි සැප දෙන්න
ලුනුයි බතුයි රහ බලන්න
හැකිනම් එන්න
ඔබ හැකිනම් එන්න...

දීපශිකා දැල්වේ....//

බාදක මැද ගෙන තැබු පය පෙරට තබන්නම්
පෙම් සටනින් ජයගෙන
ජය කෙහෙලි නගන්නම්..//
අචල ආදරය බලගතුකම පෙන්වන්නම්
සොදුර ඔබගෙ දෙසවන
ගීයෙන් පිනවන්නම්
ගීයෙන් පිනවන්නම්...