දේදුනු සිහිනෙකdheedhunu sihineka

Dedunu Sihineka

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා
ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා
මේතරම්ම ආදරේ අරගෙන ආ නිසා
මගේ හදවත දෙන්නම් සැමදා නුඹටම ලියා//

මන්දහාස පෑ මුවේ මතක සිත දරා
නින්ද නැනේ රෑ පුරා ඔබව සිහිවෙලා
තුරුළු කරන් ආදරේ යමු දුර පාවෙලා
ජීවිතේම ලස්සනයි ඔබේ ආදරේ නිසා//

මැවෙන හිනා රෑ දිගේ හදවතේ ලියා
යන්න සේද මාවතේ එන්න ලං වෙලා
සුවද ගෙනත් ආදරේ සැනසුම යා වෙලා
ජීවිතේම ලස්සනයි ඔබේ ආදරේ නිසා//