දේදුන්නේ සත් පාට හංගලා dheedhunnee sath paata hangalaa

Dedunne Sath Pata Hangala

ගී පද

දේදුන්නේ සත් පාට හංගලා 
හිනැහෙන්නේ, කොයි සිතද හැංගිලා //
පිදෙන්නේ සුවඳින්ම නැහැවිලා 
ඔබ නමට රොන් සදා 
ඔබේ උයනේමයි... 
දේදුන්නේ සත් පාට හංගලා 
හිනැහෙන්නේ, කොයි සිතාදෝ හැංගිලා

රෑ සඳේ සිනිදු කිරණත් එපා 
ලා ඉරේ අරුණු දහරත් එපා 
ගී  සරේ මියුරු පියරැව් එපා 
ජීවිතේ ඔබ ගෙනේ නම්... 
රෑ සඳේ සිනිදු කිරණත් එපා 
ලා ඉරේ අරුණු දහරත් එපා...

මාරුතේ සුමුදු සිහිලත් එපා 
හීනයේ අරුම දැහැනත්  එපා 
පාමිණි ගිගිරි රසු දැල් එපා 
ආදරේ ඔබ මැවේ නම් 
මාරුතේ සුමුදු සිහිලත් එපා 
හීනයේ  අරුම දැහැනත්  එපා... 

පිදෙන්නේ සුවඳින්ම නැහැවිලා 
ඔබ නමට රොන් සදා 
ඔබේ උයනේමයි...