දෛවයේ සරදම්dhaiwayee saradham

Dayiwaye Saradamin

ගී පද

දෛවයේ සරදම් ඔබෙන් ලද
දරාගන්නට නොහැකි වුනි මට
ඔබෙන් ලද උණහුම ද අරගෙන
සමුගනිමි මම ඔබෙන් සදහට //

පෙරුම් පිරුවෙමි අහංසක ලෙස
පැතුම් පැතුවෙමි සදා සතුටට
කියනු මැන පෙම්වතිය ඔබ මට
නොදැනුනින ද ආදරට ඔබ හට //

දෛවයේ සරදම් ......

ගගන තලයට වඩා වැඩිවුන
ප්‍රේමයක් ඇත තවම සිත තුල
මට දුකක් ගෙන දුන්න කුමරිය
ආදරෙයි දිවි තිබෙන තුරු මම //

දෛවයේ සරදම් ......