දැයම පුබුදුවාලූdhaeyama pubudhuwaaluu

Dayama Pubuduwalu

ගී පද

දැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුණා
(සසුනඹර දිලුණ අපි සෝම සමිඳ
ඔබ රහසේම නික්මී තිබුණා)..//

දෝරේ ගලා ගිය දහම් ගඟුල සිඳුණා
මහ කරුණාවෙන් මග නොමග දෙසු
දහම් ගගුල සිඳුණා අකලට
දහම් ගඟුල සිඳුණා

දැයම පුබුදුවාලූ ...

ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුණා
මහ කරුණාවෙන් සිත සුවය සැදු
පිරිත් ස්වරය මැකුණා අකලට
දහම් ගඟුල සිඳුණා

දැයම පුබුදුවාලූ නිමල පහන නිවුණා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුණා
(සසුනඹර දිලුණ අපි සෝම සමිඳ
ඔබ රහසේම නික්මී තිබුණා)..////