දයාබර නෙතු සඟලේ සෙනෙහෙ බර මුව කමලේdhayaabara nethu sangalee senehe bara muwa kamalee

Daya Bara Nethu Sangale Senehebara Muwa Kamale

ගී පද

දයාබර නෙතු සඟලේ
සෙනෙහෙ බර මුව කමලේ
නැතුවාද යලි හමුවන්නේ
නොකියාද ඔබ සමු ගන්නේ

විමසා බැලුවද නිතරම ඔබ ගැන
තොරතුරු නැත ආයේ
තාමත් ඔබ මා ගැන දුක් වෙනවලු
යෙහෙලියකය කීවේ

සිරකාරිය කර කොටුවී ඇත අද
නිවසේ ඔබ කුටියේ
මොහොතක් ළංවී දොඩමළු වන්නට
අවසර නැත ආයේ