දැවටී මගේ දෑතේdhaewatii magee dhaethee

Dawatee Mage Daathe

ගී පද

දැවටී මගේ දෑතේ මට ආදරෙයි කියා
පැවසූ ඒ වදනේ මා මුලා කළා
මගේ මුළු හද පතුලෙන් මා ඔබට පෙම් කළා 
ඔබ මා හැරදා ගියා යළි නොඑන වග කියා......

තුරුලේ නැළවි කී කෝල බස් එදා 
තවමත් මට සිහිවේ හඬමි ලොවට හොරා
ඔබගෙන් ලද සෙනෙහේ මට මහ මෙරකි එදා
ඔබ නැති මගේ ලොවේ ඇත ඝනඳුර පිරිලා.....

දැවටී මගේ........

සිතුවේ නෑ මා ඔබ මෙහෙම කරයි කියා
කිසිවිට නෑ සිතුවේ මා හැර යියි කියා
ඔබ පැතු එ් ලෝකේ මා ළඟ නොමැත කියා
මුළු ලොව මගේ දිහා අතැඟිලා දිගු කරලා......

දැවටී මගේ........