දවසක මා මේ ලොකෙන් යාවිdhawasaka maa mee loken yaawi

Dawasaka Ma Me Loken Yawi

සංගීතය:
තරිඳු කොස්තාtharindu kosthaa
පද රචනය:
තරිඳු කොස්තාtharindu kosthaa

ගී පද

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් 
ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් 
මේ භවයෙ පින් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබෙ සතුට මතු මතුවටත් 

දවසක මා මේ ලෝකෙන් යාවි 
එදාට මං නැති අඩුව දැනේවි 
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී 
එදාට ඔබ ලඟ මං නැති වේවී

පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා 
මං හිතුවේ මගෙ ලෝකේ ඔබමයි කියා 
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා 
ඔය ඇස් හොරෙන් වගේ ඔහුගේ වෙලා  

දවසක මා මේ....

ලං වෙලා උන් දිනේ මට තිබුණු ආදරේ 
හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ 
හඬන සිත හැම වෙලේ විමසන්නෙ ඔබෙ මතකේ 
කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගෙ පැතුම හදේ

මං වගේ පෙම්...
දවසක මා මේ....