ගී පද
දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා
හිරු දෙවියෝ සඳු දෙවඟන මුහුණ සිඹින්නා
වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා
ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා
ඔහු දරු දෙන්නා - ගත එල්ලෙන්නා
ආදරෙ පෙන්නා - සිඹ සනසන්නා
මෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹන්නා
එළදෙන පැටියෙකු ළංකර ඌ ලෙව කන්නා
තරුණ ළියක් කවුළුවකින් එබිල බලන්නා
ඇගේ ඇගේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා
තරු හිනැහෙන්නා - හිරු නොපෙනෙන්නා
ඒ අසළින්නා - තරුණෙක් යන්නා
පෙම් යුවලක් හඳ පානේ මුකුළු කරන්නා
ඒ අසලම තියන ගසක වැළක් එතෙන්නා
උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා
සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා
පන්සල් එන්නේ - නැද්ද අසන්නේ
ඒ විළසින්නේ - සීනු වැදෙන්නා