දෑතේ එල්ලීdhaethee ellii

Dathe Elli

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
ස්වර්ණ ශ්‍රී බණ්ඩාරswarna shrii bandaara

ගී පද

දෑතේ එල්ලී මියුරු කතා කී 
සුරතල් දෝණියනේ
කාලය රිය සක මහළු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ

බොළද මියුරු බස් සවන් නිවා ලූ
කැකුළු සිනා රස සිත් සනහා ලූ
අතීත සිහිනය බොද වී දිය වී
ඈතට පාවෙන්නේ -ඈතට පාවෙන්නේ

පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ  සිත පිනවූ
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලි බත පා වෙන්නේ - වැලි බත පා වෙන්නේ