දෑතට වළළුdhaethata walalu

Dathata Walalu

සංගීතය:
සී. ද එස්. කුලතිලකsii. dha es. kulathilaka
පද රචනය:
සී. ද එස්. කුලතිලකsii. dha es. kulathilaka

ගී පද

(දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනෙකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි....//)

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි 

උදයට පේළිය සෑදිලා
එන සැටී රූබර අඟනෝ
කරවට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා 
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙද
ළඳේ නුඹට තුරු සෙවනැලි උරනත

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායාට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
ගී රස කණ ලූ වන් සැනෙකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි

ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි...///