ගී පද
දෑසින් ඔබෙයි මගෙයි ප්‍රියේ
මුතුලැල් සැලේ කුමරියේ //
මුතු බිංදු ඒ අපේ නෙතේ
විකුණන්නේ දෑයි අසා ලදේ
උදයෙන්ම ඒවී ලෝකයා ලොව ඒ තමා
සංසාර පාරේ සංතාප සේදූ
හද අමරණීය වූ අප දිව්‍ය ප්‍රේමයේ //
පෑගී ඉරි සුන්වී කඳුළැල් පවා හැලූ
අරගන්නකෝ මිලදී ලොව එය ප්‍රියේ
දෑසින් ඔබෙයි මගෙයි ...
පෙම් ගින්න ලෝකේ අවුලා තියලා
ඒ අග්නිජාලයේ හිනැහේවි ලෝකයා //
සඳු හා නිවි තරුවැල් ශෝකාන්ධකාරයේ
නාඩන් ඉතින් කුමරි කඳුළල් සලා
දෑසින් ඔබෙයි මගෙයි ....