දෑස විදා මුහුණ බලාdhaesa widhaa muhuna balaa

Dasa Wida Muhuna Bala

ගී පද

දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා
මා සනසා මා නලවා පානගල ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැඳීලා
ආදරෙයි කිය ගියාද මා දිහා බලා
 දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා...

ඉඳුනිල් දෑසේ නව කැලුම් පුරෝලා
පැහැදූ මුහුනේ නව හැඟුම් මවාලා
මේ ඔබ කීව රහස කිමද කියාලා
මා හට තෝර දෙන්න නිහඬ නොවිලා...
දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා...

සිත දැන් මාගේ ඔබ වෙතම ඇදීලා
සැනසෙන්නාසෙ මට දැනෙයි බැඳීලා
පාලුව නෑ දැනෙන්නේ ඔබ ලංවීලා
කෝ ඔබ දෑත දෙන්න සසළ නොවීලා...

දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා
මා සනසා මා නලවා පානගල ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැඳීලා
ආදරෙයි කිය ගියාද මා දිහා බලා
 දෑස විදා මුහුණ බලා කෝල සිනා මට හෙලළා...