දෑස වසාගමි ඔබ නොපෙනෙන්නටdhaesa wasaagami oba nopenennata

Dasa Wasagami Oba Nopenennata

ගී පද

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...

අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලොකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා...

අහසත් පොළොවත් ඔබමද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැදි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමු වන්නේ...

දෑස වසාගමි ඔබ...