ගී පද
දස් කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නො-එනා ගමනකි යන්නේ
එනමුත් ළදුනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ
සියොළග හිමි ළග හදවත මා ළග
කෙළෙසද හද බැද ලන්නේ
කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යළි හමුවන්නේ
මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව වළදින්නේ
කිසිදා නැත හමුවන්නේ
ඔබ මා යළි හමුවන්නේ