ගී පද
දන්නවානේ මම එන්නේ නුඹ දකින්න කියලා
නොදන්නවා වගේ යන්නේ නුඹයි අහක බලලා
හදේ පිපුණු ආදර මල් සුවඳ නුඹට දීලා
බලා ඉන්නේ නුඹේ ආදරෙ මගෙම වෙයි ද කියලා
රෑ ජාමය ළං වෙනකොට සිතට බයයි සොඳුරේ
නුඹ හින්දා එළිවෙනතුරු කඳුළු සලයි අඳුරේ
දෙනෙත් පියන හැම මොහොතක නුඹ ළඟ ඇති සොඳුරේ
අසරණ වූ ජීවිතයම කඳුළැලි මට හිමිවේ
දන්නවානේ මම එන්නේ ...
මගෙ පවකට වෙන කෙනෙකුට අයිති වෙයිද දන්නෑ
එහෙම වුණොත් එය දකින්න මා ජීවත් වෙන්නෑ
මගෙ ආදරේ මේ තරම්ම නුඹට ඇයි ද දන්නෑ
නුඹට හැර වෙන කිසි කෙනෙකුට මේ ආදරේ දෙන්නෑ
දන්නවානේ මම එන්නේ ....