ගී පද
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
හමුවෙන්නට හීනයක්ද මට ආයේ ඔයා
අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා .... ඔයා ඇවිල්ලා
රණ්ඩු වෙවී හිනා වුණා මතකද අපි දෙන්නා
ඒ මතකේ මේ පපුවේ තවමත් ඉකිබින්දා
තරහක් නෑ තවදාවත් මට දුක හිතිලා
යන්න ගියත් මාව දමා මට ඕනෙ ඔයා
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
තුරුළු කරන් හීන ගොඩාක් තාම මං හඬනවා
මගේ නොවන ඔයා මට තාම වටිනවා
සංසාරේ එක දවසක යළි මුණගැහිලා
හිනා උනත් ඒ ටිකවත් ඇති අනේ ඔයා
දන්නවද මේ ඇස් ....