ගී පද
අහන්න දුවේ පුතේ - ආදර දුවේ පුතේ
වළිගය කරකවතේ - දිය මත පාව යතේ
දඟරවළිග ලපවානර..දස්කම් දක්වනවා
අහසේ ඉගිළ යතේ - වලිගෙන් ගෙඩි කඩතේ
බැරි බර කරට අරං දඩයම් පිරිහිලා යතේ
(මරුසුපිලා මෙයයි කියා මෙයාගෙ නම තිබුනෙ පොතේ
දඟරවළිග ලපවානර අලුත් නමක් පටබඳිතේ)
වලිගෙන් රූ අඳිතේ - දරුවන් සනසවතේ
වලිගාවන් තියගෙන - පලනෙල නලයි පුතේ
ඔංචිල්ලා පදිතේ - දරුවන් පද්දවතේ
ගෙයි සමගිය රකිමින් - සතුනට සෙනෙහෙ දෙතේ
(දඟරවළිග ලපවානර.. විමසිල්ලෙන් ඉන්නවා)
දිය කරනම් පානා - වලිගා ඔරුවේ නගිනා
වෙරළේ රෝද ගසා - හිතමිතුරන් සනසා
ප්‍රියවන හැම යාළු - ඒ සැම සනසාලූ
වලිගය වැජඹේලූ - අපිටත් හිමිවේලූ
(දඟරවළිග ලපවානර විස්කම් පෙන්නනවා)
අහන්න දුවේපුතේ...