දගකාර සිහිනෙdhagakaara sihine

Dangakara Sihine

ගී පද

දගකාර සිහිනෙ පින්වන්ත කුමරි
මට කෝල කම් පෙන්වනා
සදකින්නරාවි හසකැන් මවාවි
ඔබදො මගෙ අන්ගනා
පැතුමන් ඔහෙ පාවෙලා
මැවීනා හදෙ රූ රටා
ආසයි ලගින් ඉන්න මට ලං වෙලා
පෙරුමන් පිරූ දෑස  මට ලං වෙලා

සොදුරුයි හදෙ දැන් සුපෙම් කල්පනා
ඔය දෑස මට ආදරේ පැවසුවා
සදපාන වාගෙ ඔය මුහුන ඔබගෙ
සොදුරුයි ලදේ සෑම දා
සෙනෙහෙ මැවු ඒ හසගන විලසේ
මම ආදරේ සෑම දා

සිතුමන් ඇදි යයි ඔහෙ පා වෙලා
මට ඉන්න ආසයි තවත් ලන් වෙලා
රන් පාට හීනෙ හිමිකාරි මගෙ
හිත රෝස යායක් කලා...
නිල් පාට නෙතගින් මදහාස මුවගෙන්
මට දෙන්නකො අන්ගනා..¬¬