දඟකාර ඔය දෑස දුටුවා එදාdhangakaara oya dhaesa dhutuwaa edhaa

Dangakara Oya Dasa Dutuwa Eda

සංගීතය:
රංජිත් පෙරේරාranjith pereeraa
පද රචනය:
සුනිල් ගුණවර්ධනsunil gunawardhhana

ගී පද

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ...//

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ ...//
දෙකොපුල් විලේ හසරැළ් පිපී
සතුටින්ම කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා .../

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ ...//
නිලුපුල් නෙතේ හසරැළ් මැකී
කඳුළින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා .../