දඟකාර නංගී අද පෝරුවේdhangakaara nangii adha pooruwee

Dangakara Nangi Ada Poruwe

ගී පද

දඟකාර නංගී අද පෝරුවේ 
හීමිච්චි වගේ ඉන්නේ// 
කෙළිලෝලේ කෝ මනමාලියේ 
හද සතුටින් ඉපිලේ...//

අම්මාගේ තාත්තාගේ ආදරවන්තිය වෙලා 
අයියාට අක්කාට පුංචි මෝඩි වීලා//
මගේ රණ්ඩු කෙක්ක අද යනවා යන්නට 
යුග දිවියේ බැඳිලා//
මංගලම් සුබ මංගලම් 
මංගලම් වේවා සිරි මංගලම්... 

දඟකාර නංගී...

ලස්සන වස්සන නෙත් යුග බැල්ම හෙලා 
පැද්දෙන තාලෙට සුමුදු පාද තබලා//
මගේ පුංචි නංගී අද යනවා යන්නට 
යුග සරණේ වෙලිලා//  
මංගලම් සුබ මංගලම් 
මංගලම් වේවා සිරි මංගලම්...///