දඟකාර හසපාන හැඩකාරියක් සේdhangakaara hasapaana haedakaariyak see

Dangakara Hasapana Hadakariyak Se

ගී පද

දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳ කැන්විලේ

පෙම්වන්තයින් සේ හමුවන්න නිසිසේ
සිතකින් බැඳී ඉන්නෙමී
හඳ අරණේ දොර හැරී ඔබට ඉඩැති මල්සර අතරේ
බැල්මක් රැදිලා ආරාධනා ඔබටමයි

දඟකාර හසපාන ....

මධුමල් පිපේවී විහඟුන් ගයාවී
පිපි මල් පරමල් නොවේවී
කවියක් සේ දැවටිලා ඔබ වෙත එන්නම් සුවඳක දැවටී
සුළඟේ පාවී හද සනසනු හංස ලතාවී

දඟකාර හසපාන ....