දැනෙන දුක් වේදනාdhaenena dhuk weedhanaa

Danena Duk Weedana

ගී පද

දැනෙන දුක් වේදනා - හිත අස්සෙ හිරකරන්
සැනසුනමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්

මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන්වෙන්නෙ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්...

දැනෙන දුක් වේදනා...

ජීවිතේ මම කියා කියූ හැටි ළඟ ඉඳන්
සිහිවෙලා හඬනවා තුන්යමේ නිදි වරන්
මට පුරුදු තනිකමින් මම යළිත් තනිවෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්

දැනෙන දුක් වේදනා...