දණ ගාද්දි ඇවිදින්නටdhana gaadhdhi aewidhinnata

Dana Gaddi Avidinnata

සංගීතය:
පුණ්‍යසිරි මහවත්තpunyasiri mahawaththa
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න//

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...

වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න