දැන් සතුටු වෙනවද ඔයාdhaen sathutu wenawadha oyaa

Dan Sathutu Wenawada Oya

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
සුදේශ් අත්තනායකsudheesh aththanaayaka

ගී පද

ඔය හුස්මටත් වඩා ළං වී ඉන්නම් කියා
කෝ කොහෙද ඒ කිවු කතා
මේ දෑසටත් හොරා හිතකට ළං වී ගියා
නෑ ආයේ එන්නේ ඔයා
හිතින් වේදනා වින්දේ නොවී සතුටු කිසිදා
හැම භවයේම මගේ යැයි සිතා
දුරින් හිඳ බලා ඉන්නම් මතක එක්ක සැමදා
(දැන් සතුටු වෙනවද ඔයා......//)

සුවඳ හුරු නිසා මට පෙර භවයක් පුරා 
හිත හෙව්ව උණුසුම ඔයා 
මගේම වෙයි කියා දුන් ඒ ආදරේ පුදා
හුරු තනිය ලෙන්ගතු වුණා
හිතින් වේදනා වින්දේ නොවී සතුටු කිසිදා
හැම භවයේම මගේ යැයි සිතා
දුරින් හිඳ බලා ඉන්නම් මතක එක්ක සැමදා
(දැන් සතුටු වෙනවද ඔයා......//)

හීන ඉහිරිලා ඔබ උන් හිතම ගොළු වුණා
මා නැවතු මග තනි වුණා 
දෑස පියවිලා යන්නට මොහොතක් තියා
හමුවෙන්න එනවාද ඔයා
හිතින් වේදනා වින්දේ නොවී සතුටු කිසිදා
හැම භවයේම මගේ යැයි සිතා
දුරින් හිඳ බලා ඉන්නම් මතක එක්ක සැමදා
(දැන් සතුටු වෙනවද ඔයා......//)

ඔය හුස්මටත්.........