ගී පද
දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ
හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ...
මං පළවෙනියා ආවා කියලා
අම්මට හරි ආස හිතිලා
දෙනවා කිව්වා තෑගී ගෙනැල්ලා...
තාත්තා මට ආදරේලු
ආච්චි මට හාදු දේලු
අක්කා දේවි ඇඳුම් මසාලා...
කෝච්චියෙන් ගමට යනවා
කිරියි පැණියි කාලා එනවා
පදින්න පුළුවනි ඔන්චිල්ලා...