දැන් ඉතින් සමුගන්නdhaen ithin samuganna

Dan Ithin Samuganna

ගී පද

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්න

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්න

මල් කැකුළු අග අඬන
පිනි කඳුළු මට දෙන්න
හැමදාම හැර නොයා ලඟ රැඳුනු
මල් සුවඳ ඔබ ගන්න

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්න

අතීතය මට දෙන්න
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපි ඵල දරන
වසන්තය ඔබ ගන්න

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුලු සන්තාප
මගෙ නමට පවරන්න