දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ මව් බිමටdhan dhun pasu aes is mas lee maw bimata

Dan Dun Pasu As

ගී පද

දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ මව් බිමට
තවත් දෙයක් නෑ තිබුනේ ඉතිරිව අප ළඟ
ලේ වඟුරා සටන් බිමෙන් සමුගත් දවසක
සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන

නොපෙනුනාට අපට ඇසෙයි දුම්රිය යන හඬ
නෑසුනාට ඇඟට දැනෙයි බිම දෙදරන බව
කිහිලි කරුවෙ ආධාරෙන් නැගී සිටින විට
ඈත පෙනෙයි දුම්රියපොළ නගරය රාගම

ආබාදිත උනත් සොයුර නෑ තැවෙන්නෙ තව
මවු පොළොවට බරක් නොවෙයි අපි කිසි දවසක
යුධ බිය නැති රටක සිරිය බලන්න නැති එක
තමයි අපිට පොඩ්ඩක් හරි හිතට තියෙන දුක