දම්පියාව නෙත් පියානdhampiyaawa neth piyaana

Dampiyawa Neth Piyana

පද රචනය:
W A අබේසිංහw a abeesinha

ගී පද

දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
මහාවීර මහ පොළවේ ජනිත නොවනුදෝ

අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුළ ඉකිබිඳ වැලපෙති
දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී

දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුණි සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත
තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත

(තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ
තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ...//)