ගී පද
දම් පාටින් සිත්තම් වු සඳ කෙතරම්
මට නුපුරුදු තනිකම මා රිදෙව් තරම්
සිහිවේ තුරුලට වී කියු බොළඳ වදන්
ඒ සඳු බැස ගියේ හද උමතු කරන්......
මතකයි මා දිව්රා කියූ වදන්
ඉන්නට සසර පුරා වී ආදරයෙන්
වෙනකෙකු හට ඔබ හට දුන් ආදරයේ
ඉන්නේ කෙලෙසදෝ මා ඉතින්.......
දම් පාටින් සිත්තම්.......
සෙනෙහස නම් දැන් මා හට හිමිද ඉතින්
ඔබේ සෙනෙහේ දැන් නෑ මට දෙන් රහසේ
සසර පැතු සෙනෙහස අහිමි කරන්
ඉන්නේ කෙලෙසදෝ මා ඉතින්.......
දම් පාටින් සිත්තම්.......