දමා දොරගුළුdhamaa dhoragulu

Dama Doragulu

ගී පද

දමා දොරගුළු වසා දැමුවෙමි 
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුළු ඇතුළු විය ඔබ
නිසල සිතුවිලි අවුළුවා

හද රැකෙහි ඔබ දෙව්දුවක සේ
අරක් ගෙන සිටි කාලයේ
දසත විහිදී අතු රිකිලි තුරු
ගැණුනි මල් පල තුරු හිසේ

දමා දොරගුළු ....

පලා ගියදා විමන හැරදා
මුදුන් මුල එහි සිඳ දමා 
ඇද වැටුණි බිම මුලින් ඉදිරී
වියරු සුළඟට දිවි පුදා

දමා දොරගුළු ....