දළුලා ප්‍රේම ගසේdhalulaa preema gasee

Dalula Prema Gase

ගී පද

චිත්‍රපටය : වරද කාගේද (1954)

(දළුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි සැදේ
මල්බර පිපෙන සමේ ලංවුනා)...//
දළුලා ප්‍රේම ගසේ - ආ..ආ..ආ...ආ..ආ..ආ...

කුරුලන් හඬන්නේ රඹකැන් ඉදෙන්නේ
ඔබේ සිනා රැල්ල නිසයි මා සුදෝ
සල් ගහ පිරීලා මල් වැල් එතීලා
ඒ වාගේනේ අපේ ආදරේ
චිලි චිලි චිල්ල මලේ ඔංචිලි චිල්ල මලේ
පෙම් ලොව මල් උයනේ පැද්දෙමූ...

දළුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි සැදේ
මල්බර පිපෙන සමේ ලංවුනා...
දළුලා ප්‍රේම ගසේ - ආ..ආ..ආ... ආ..ආ..ආ...

අර ඈත කූඩුවේ රෑන ගිරා ජෝඩුවේ
තුරුලු වෙවී කියයි අපේ ආදරේ
සමනළයා පැණි බිබී රෝස මල මුව සිඹී
සීමාවක් නෑ අපේ ආදරේ
පදිමූ ප්‍රේම ගඟේ ඔරුවේ ඉවුර දිගේ
පෙම් දිය පහර සැරයි සීතලයී...

දළුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි සැදේ
මල්බර පිපෙන සමේ ලංවුනා...
දළුලා ප්‍රේම ගසේ - ආ..ආ..ආ... ආ..ආ..ආ...