දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නලdhakunee pin aethi pin bima waewurukannala

Dakune Pinathi

ගී පද

දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
 සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට 
 මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
 කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම

 අප්පච්චි කිය කිය මුලු දවස පුරාම
 කතා කරපු හඩ ඇසේවි තාම ලග ලග
 අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
 මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට

 දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
 සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට 
 මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
 කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම

 පිහිට වෙලා බේරගන්න මගෙ කූඩුව
 පිං අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ලග
 සොදුර සමග දරුවන් බිලි ගත්ත වගේම
 මාවත් බිලිගත්තානම් දුකක් නෑ මට

 දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
 සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට 
 මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන
 කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම