ගී පද
දකින හැම හීනේ පෙනුනේ ඔබේ රූපේ
මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ
පෙම් කෙරුවේ ඇයි මෙලෙසේ මගෙමයි කියලා
මගෙමයි කියලා //
වෙන්වූයේ ඇයිදැයි මාගෙන්
පෙම් කෙරුවේ පනමෙන් මා නම්
වෙනෙකුට මේ තුන්පොවේ
පෙම් කෙරුවේ නෑ මේ වගේ
ලබන හැම භවයේ මතක් වෙන වාරේ
ඇයි ද ඔබ නාවේ
ලංවීලා උන්නත් පෙර සේ
තනි කරලා ඇයි ගියේ රහසේ
හිතකින්ද වෙන් වී ගියේ
අමතකද මාගේ සෙනේ ලංවෙන්න ආයේ
ඇයි ද ඔබේ රූපේ මැවි මැවි පෙනුනේ
මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ
පෙම් කෙරුවේ ඇයි මෙලෙසේ මගෙමයි කියලා
මගෙමයි කියලා
මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ