ගී පද
දෛවයෙන් අපට අපි හිමි නැති නිසා
මා දමා ඔබ වෙන් වී ගියා
තනිවෙලා ඉන්නේ ලතැවුල් දරා
(හිමි නැතිද සෙනෙහේ සදා.....//)
(සුසුමන් ගලා යාවී හදවත පුරා
නුඹේ රුව මැවී ඒවී මනසේ පුරා.....//)
පෙරදා මැවූ සිනාවන් සැඟවී ගියා
සන්සුන් සිතේ සැනසුම නැති වී ගියා.......
(කඳුලැල් ගලා යාවී ඇස් දෙක පුරා
අවතැන් වෙලා හිඳීවී සිතුවිලි පවා.......//)
කවදාක ඔබ ඒද සිතමින් මෙදා
මග බලන මේ දෑස හඬමි සදා........
දෛවයෙන් අපට........