ගී පද
හිස් වෙච්ච හිත පුරා නෑනේ තෙත් වෙච්ච පෙම් හැඟුම්
පිච්චෙනවා එනමුදු සත්තයි ඔයා නමින්
මගේ හිතට ආපු අන්තිම කෙනා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
(දෛවයේ වරදක් නෑ මගේ අහිතක්
පවක් කරන්නැති සංසාරේ
මට දැන් මැරුණත් දුක නෑ පොඩ්ඩක්
ජීවිතයම කලකිරුණා අපේ...//)
හෝ මා අමතක කර දාලා
අලුතින් ප්‍රේම කතාවක් ලිව්වේ ඔයා
හැමදේමත් නැති කරවපු ඔබ මට
මාවත් නැති කරලාම ගියා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
(දෛවයේ වරදක් නෑ මගේ අහිතක්
පවක් කරන්නැති සංසාරේ
මට දැන් මැරුණත් දුක නෑ පොඩ්ඩක්
ජීවිතයම කලකිරුණා අපේ...//)
හෝ දුක ඉවසාලා මෙතරම් කල්
මට හරිම මහන්සියි දැන් හොඳට
හරියට පාලුයි තනිකම යාලුයි
කිසි සතුටක් නෑ ඔබ නැතිව
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා...
හිස් වෙච්ච හිත...