දෛවයේ ලියවී තිබූ සෑමදේdhaiwayee liyawii thibuu saemadhee

Daiwaye Liyawee Thibu - Mathu Dineka - Sudu

ගී පද

දෛවයේ ලියවී තිබූ සෑමදේ ලැබුනත් පැතූ
මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පින් මදි වුනු
අපට අප හිමි නැති වුනු  ලෝකයෙන් පිට වී යමු 
නැවතත් ලබන භවයේ වෙන්න අපි හමුවෙමු 
මතු දිනෙක මම පොළොවෙ වැළලෙන තුරු 
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදු 

වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ 
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ 
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්
අද ළගින් නැති වුනත් ආදරෙයි තාම මං
මතු දිනෙක.....

කාලයක් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ
හිතාගන්න වත් බෑ තත්පරෙන් තත්පරේ
රණ්ඩු වී යාලු වී සිටි අතීතේ සිහි කරන්
හෙට ඉදන් ඉමු දුරින් මතක අපගේ කර නිධන්

දෛවයේ ලියවී තිබූ.....