ගී පද
දෛවයයි මේ අප මුණ ගැස්සුවේ කවදාවත් හිමි නොවන ඔයා
ලැබීමද මේ නොලැබීම ඔබේ අහම්බෙන් ළං වුණේ
හිමිවෙන්නේ නෑ කවදාවත් දුක විතරයි උරුමේ
දුරස් වෙන්න බෑ මට තාමත්, මං විතරද පෙම් කළේ...
ආ දුර දිහා මග හිඳ බලා තැවුණත් කොතෙක්
මා තනිවෙලා තනිකඩ මගේ හුස්මන් පවා
ඔබ ඉල්ලලා හිරිහැර කළා
මැරි මැරී උපදින්න බැහැ තව මෙහෙම
මේ ඇස් පියවෙන්න කලින් ආයෙත් එන්න...
මේ හිත හදාගන්නට කියා කීවත් කොතෙක් පණිවිඩ එවා
මා පෙම් කළේ හැර යනු නොවේ මියැදෙන තුරා මා නම් ඔබේ
මැරි මැරී උපදින්න බැහැ තව මෙහෙම
මේ ඇස් පියවෙන්න කලින් ආයෙත් එන්න...
දෛවයයි මේ අප මුණ...
දුරස් වෙන්න බෑ මට තාමත්, මං විතරද පෙම් කළේ...