ගී පද
දහසක් හිරු සඳු පායාලා ඔබ යන මග මල් පීදේවා
කඳුළැල් දෙනෙතින් පාවීලා බිඳුවතක් ලතැවුල් නෑසේවා
හිමිකාරි මගේ මනාලිය වී යනදාට සුභාසිරි දෑසේ යාවී
දහසක් හිරු සඳු පායාලා
සිඳුගැඹුරේ මුතුකැට සේ
හද පතුලේ මගේ රැඳි සෙනෙහේ //
අද නිමවේවි නොසැලෙන් ආයේ
පහන ලෙසින් ඔහු දේ ආලෝකේ
දහසක් හිරු සඳු ...
එක අහසේ හිරු සඳු සේ
හමුනොම වේ මතු අපි ළඳුනේ //
ඉරණම් කාරී හෙට මනමාලී
අහිතක් නැත අද මාගේ ලෝකේ
දහසක් හිරු සඳු ...