දහස් ගණන් හීන බලලා - කෝටිපතියෝdhahas ganan hiina balalaa - kootipathiyoo

Dahas Ganan Heena Balala - Kotipathiyo

සංගීතය:
දිනේෂ් දිසානායකdhineesh dhisaanaayaka
පද රචනය:
සද්ධා මංගල සුරියබණ්ඩාරsadhdhhaa mangala suriyabandaara

ගී පද

දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා
කෝටි ගණන් හම්බ කරලා හිටියද රජ වී
ගත සැපතින් වෙහෙස වෙලා 
හිත සතුටින් වියරු වෙලා වියරු වෙලා 
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ......

රුපියල් සුවඳට මත් වී සුරදූතියෝ ළං වුණාට
පාට කරපු දෙතොල් වලින් ආදර බස් තෙපලුවාට
වස විතරයි ආදරේ නෑ හදවත් ඇතුලේ
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ......

නෝට්ටු කොළ වල දැවටී ඕ සද්දෙට ළං වුණාම

බෙහෙත විදි නොකා නොබී පෝසත්කම විඳෙව්වාට 
හම්බ කරපු සතුටක් නෑ සේප්පු ඇතුලේ සේප්පු ඇතුලේ.....

දහස් ගණන්.......