දහ දුක් වින්දේdhaha dhuk windhee

Daha Duk Vinde

ගී පද

(දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං.....//)
කරදඬු උස් වී ඒ දරුවන්ගේ 
මව්පියෝ අද හඳුනන්නේ නැනේ  
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං........

දෑසේ කඳුළු හංගා කළුවර කුටියේ මා උන්නා 
හිත ගින්දර එළි දල්වා පොඩි පුතාට ලිපියක් ලීවා 
දරුවන් කුමටද ලැබුවේ එය වේ පල දුන් පෙර කරුමේ 
දෑතේ සවි නැති දවසේ කව්දෝ දිය බිඳුවක් දෙන්නේ 
නොබලා ඉන්නට බෑ නුඹලා මට 
ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ......

(දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි 
දහ දුක් වින්දේ මං.....//)

අම්මයි අප්පයි දෙන්නා මේ මහලු මඩමේ තනි කෙරුවේ 
අපේ දරුවෝ මහ මැදුරේ රජ සම්පත් අද වළඳන්නේ 
පුත ඇවිදින් යන්නට බැරිනම් ඈතින් විත් මට අත වනපන් 
බොරුවට හෝ මා සිහි කරපන් හීනෙන්වත් නුඹ මට පෙනීයන් 
ලෝකයේ හොඳ නම ගන්නට දරුවනි 
මා ලස්සන ලෙස වලදාපන් හෙට......

දහ දුක්.......